Thursday, August 24, 2017

‌wake up





ඔබගේ ඇස්හා වියායාම


‌සික්ස් පැක් හදාගන්න ආසද


ආරෝග්‍යා පරමා ලාබා

“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං” මේ තියෙන්නේ බුදුපියාණන් වහන්සේ ප‍්‍රකාශ කළ උදාන වාක්‍යයක්. මෙය ඇසූ මාගන්දිය නම් බමුණා “භවත් ගෞතමයන් වහන්ස, මා විසින්ද ආචාර්ය ප‍්‍රාචාර්ය වූ පූර්ව පරිබ‍්‍රාජකයන් කියන මේ බස අසා ඇත්තේය. ඒ බසත් මේ බසත් දෙබසම සමානය” යනුවෙන් උත්තර දුන්නා. ත‍්‍රීවේදය දැනගෙන හිටි, භාෂා නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද පද පාඨ හා ව්‍යාකරණ විධිවලින් දැනීම තිබුණු මාගන්දිය බමුණාට මේ ගාථාවේ නියම ශාසනික අර්ථය ලබන්නට ඒ භාෂා විධික‍්‍රමවලින් පිටිවහලක් ලැබී තිබුණේද යන්න ඔහු ඊළඟට බුදුපියාණන් වහන්සේ ඇසූ ප‍්‍රශ්නයට දුන් පිළිතුරෙන් පැහැදිලි වෙනවා.
“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං” ලාභයෝ ආරෝග්‍යය පරමකොට ඇත්තාහ. සුවය නිවන පරම කොට ඇත්තාහ. මාගන්දිය බමුණා දැනගෙන සිටි භාෂා නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද හා පද පාඨ සහිත ව්‍යාකරණ විධිවලින් තේරුම් ගත්තේ මෙපමණයි. දැන් බුදු පියාණන් වහන්සේ බමුණාගෙන් මෙහෙම අහනවා.
“බමුණ ඒ ආරෝග්‍යය කවරේද? ඒ නිවන කවරේද?” මාගන්දිය බමුණා තම සිරුරු අවයව අත්ලෙන් පිරිමදිමින් ‘‘භවත් ගෞතමයෙනි, මේ ආරෝග්‍යයයි, මේ නිවනයි, මම ආරෝග්‍ය වෙමි, සුවපත් වෙමි’’ යි තම ශරීරය පෙන්වා ලෙඩ නැති බව කියමින් සතුටු වුනා. ඔහුගේ භාෂා දැනුමෙන් මේ සම්මතය ඉක්මවා ඉන් වැඩි යමක් දැනගන්න නොහැකි වුනා.
දැන් ඉතින් මේ කාලයේත් ආරෝග්‍ය ශාලාවල, ලේ දන්දීමේ ස්ථානවල, නොයෙකුත් ඖෂධ වර්ග විකුණන ස්ථානවල “ආරෝග්‍යා පරමා ලාභා” කියා දැන්වීම් පුවරු සටහන් කර ඇති ආකාරය දකින්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ මාගන්දි බමුණාට දුන් ඊළඟ පිළිතුර දැනගන්න පෙර මේ ගැන විමර්ශනය කර බැලිය යුතුයි.
පද ටික දැනගත්තට, ගලපන්න හැකි වුනාට, අක්‍ෂර ප‍්‍රභේද භාෂා නිරුක්තිවලට අනුව ලියාගෙන විමසුවාට, අදහස වැරදි නම් බුද්ධ දේශනාවට අනුකූල නැති බව තේරුම් ගත යුතුයි. බුද්ධ දේශනාවට ගැලපීම බලන්න ඉහත කී වේදක‍්‍රමවලින් බෑ. සතර මහාපදේශ ක‍්‍රමය අනුව ධර්මයට බහා බැලිය යුතුයි, විනයට සසඳා බැලිය යුතුයි, සූත‍්‍රයට බහා බැලිය යුතුයි. මෙතනදී සමහර සූත‍්‍ර, ත‍්‍රිපිටක ග‍්‍රන්ථවල ඇතුලත් වී නැති බවත්, ඒ ඒ කාණ්ඩවල ගැබ් වී ඇති සූත‍්‍ර ගණන කියා තිබුණත් ඒ සියල්ලම එසේ නැති බවත් ත‍්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා එම ත‍්‍රිපිටක පොත්වල සංඥාපනයේම පෙන්වා තියෙනවා. යම් හෙයකින් මේ සූත‍්‍ර කොටසත් එසේ ප‍්‍රමාද දෝෂයකින් හෝ සටහන් කරන්න නොහැකි වී පාරම්පරිකව ගෙනා කොටසක තිබී හමුවුනා නම් ඒක විනිශ්චය කරගන්නේ කොහොමද?
මොකද අද බොහෝ කොටම හිතන් ඉන්නේ යමක් සූත‍්‍ර පිටකයේ තිබේද, විනය පිටකයේ තිබේද, ඊට සමාන දේශනාවක්ද කියා සසඳා බැලිය යුතුය යන්නයි, බහා බැලිය යුතුය යන්නයි. නමුත් බහා බැලිය යුතු සූත‍්‍රයත්, ධර්මයත්, සසඳා බැලිය යුතු විනයත්, නෙත්ති ප‍්‍රකරණයේ පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් විදියට පෙන්වා තියෙනවා.
‘‘බහා බැලිය යුතු සූත‍්‍රය නම් චතුරාර්ය සත්‍යයයි, ධර්මය නම් පටිච්ච සමුප්පාදයයි, සැසඳිය යුතු විනය නම් රාග විනය – ද්වේශ විනය – මෝහ විනයයි. (නෙත්තිප්ප‍්‍රකරණය – 39 පිටුව – යුක්ති හාර විභංගය)
කයේ ලෙඩ නැතිකම සිහිකර යමෙක් ලාභයක් ලැබී ඇතැයි සතුටු වන්නේ නම් ඒ සතුට තියෙන්නේ ලෙඩ උරුමයක් වූ කයට ලොකු අසනීපයක්, රෝගයක් නොවනතුරු පමණයි. නමුත් කය කියන්නේ නොයෙක් දුක් දාහයන්ට නිරන්තරයෙන්ම ගොදුරු වෙමින් ගොස් වැහැරී මැරී යන කුණු ගොඩක්. එබඳු කයක පංචකාම ආස්වාද මාත‍්‍රයන්ට වහල්වෙලා ලබන්නේ මුලා සහගත සතුටක්. දුක් කඳක් මහා ලාභයක් ලැබුණු ලෙස ගත්, දුකෙහි සැප යැයි ගත්, එසේම අසුබයෙහි සුභ යයි ගත් විපරීත දෘෂ්ඨියක්. එම මුලාවෙන් නැගෙන ඡන්ද රාගය උපාදානයයි. උපාදානයෙන් භවය වෙනවා. භව තියෙන කල් ජාති වෙනවා. එවිට ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී මහා දුක් කඳම උදා වෙනවා. ඡන්ද රාගයෙන් හිතන විට, කියන විට, කරන විට රාග වර්ධනය වෙනවා මිසක් විනය වෙන්නෙ නෑ. ඇලූම් කළ තරමටම විරුද්ධ දේවල් එන විට ගැටීම වෙනවා මිසක් ද්වේශ විනය වෙන්නෙ නෑ. මුලා අදහසක් නිසා මෝහය වෙනවා මිසක් මෝහ විනය වෙන්නෙ නෑ. එබැවින් කයේ නිරෝගී බව කෙරෙහි මුලා ආස්වාදය චතුරාර්ය සත්‍යාවබෝධයට බහා හිටින්නේ නෑ. පටිච්ච සමුප්පාද නිරෝධ ධර්මයට බහා හිටින්නෙ නෑ. රාග විනයට, ද්වේශ විනයට, මෝහ විනයට සැසඳෙන්නෙ නෑ. එසේනම් මේ අදහස බුද්ධ භාසිතයට අනුකූල නෑ.
දැන් මේ පද පෙළම බුද්ධ භාසිතයක් වන්නේ කොහොමද කියන කාරණය බුදුපියාණන් වහන්සේ විසින් මාගන්දිය බමුණාට කරුණු කාරණා සහිතව පහදා දුන්නා. “මාගන්දිය, මේ ගාථාව පෙර විසූ කාශ්‍යප නම් සම්මා සම්බුදුවරයන් වහන්සේ දේශනා කළ ගාථාවක්. කාලයාගේ ඇවෑමෙන් එහි යථාර්ථය යටපත් වී අනුක‍්‍රමයෙන් පෘථජ්ජන ගත වී ඇත. මාගන්දිය, මේ කය වූ කලී රෝගයක් වැනි වූයේ, ගන්ඩයක් වැනි වූයේ, ශල්‍යයක් වැනි වූයේ, දුක්ඛයක් වැනි වූයේ, ආබාධයක් වැනි වූයේ වෙයි. එබඳු වූ මේ කය ගෙන තෙපි, මේ ඒ ආරෝග්‍යයයි, මේ ඒ නිර්වානයයි කියති. මාගන්දිය, තෙපි යම් ආර්ය වූ ඇසකින් ආරෝග්‍යය දන්නෙහි නම්, නිර්වානය දන්නෙහි නම් තොපට ඒ ආර්ය වූ ඇස නැතැ” යි වදාළා.
මෙතනදී  වටිනා  දහමක් හෙලිවෙනවා. ආර්ය ඇසකින් දැකිය යුතු දහම් අර්ථ ලෞකික ක‍්‍රමවේදවල පිහිටා දකින්න බැරි බව වටහා ගත යුතුයි. ආරෝග්‍යය – නිරෝගී බව යන වචන කුමන භාෂා නිරුක්තියකින්, පද පෙළකින් කීවත් ආර්ය වූ දහම් ඇසින් දකින අදහස එම දහම් ඇස පහළවූවන්ටම මිසක් පෘථජ්ජන මනසකින් දකින්න නොහැකිම ය.

මෙය ඇසූ මාගන්දි බමුණා බුදුපියාණන් වහන්සේගෙන් ආරෝග්‍යය සහ නිවන දේශනා කරන ලෙස ඉල්ලා සිටියා. 
මෙහිදී උන්වහන්සේ නැවත උපමාවක් දේශනා කළා. ඇස් අන්ධ පුද්ගලයෙකුට තම නෑසියන් අක්‍ෂි ශෛල්‍ය වෛද්‍යවරයෙක් ගෙන්වා බෙහෙත් කරද්දී ඒ ඇස් පෙනීම නොඒ නම්, විශුද්ධ නොවේ නම් ඒ වෛද්‍යවරයා ඒ තාක් පීඩාවට වෙහෙසට පත්වන්නා සේ, දහම් ඇස් නැති මාගන්දියට ආරෝග්‍යයත් නිවනත් දේශනා කරන  විට  නොවැටහේ  නම්, උන්වහන්සේට පීඩාවක්ම වෙහෙසක්ම වන බවයි ඒ දේශනාව. මෙසේ අදත් දහම් දකින හැටි, දහම් ඇස ලැබූ අය ප‍්‍රකාශ කළත්, තේරුම් ගත නොහැකි පිරිස් ඒවා හාස්‍යයට, විහිලූවට ලක් කරනවා.
බුදුපියාණන් වහන්සේ මාගන්දිය බමුණාට තවත් උපමාවක් ගෙන මෙසේ දහම් දේශනා කළා. 
ඇස් අන්ධ මිනිසෙකුට, සුදු වස්ත‍්‍රය පහන්ය, අභිරූපය (කැපී පෙනෙන රූප ලක්‍ෂණ) නිර්මලය, ශුද්ධ යැයි ඔහුගේ හිතවතෙකු කියනු ඇසෙන්නේ ය. එක්තරා පුරුෂයෙක් එම අන්ධයාට, හිතවත මේ සුදු පිරිසිදු අභිරූප නිර්මල වස්ත‍්‍රය පොරවා ගන්නැයි තෙල් දැලි වැකුණු කලූ ගොමස්කඩ රෙද්දක් දෙන්නේය. නොපෙනීම නිසා ඒ සුදු පිරිසිදු නිර්මල රෙද්දකැයි සිතා ඔහු එය පොරවා ගන්නේය. අන්ධ මිනිසාගේ නෑදෑයෝ ශල්‍ය වෛද්‍යවරයකු ගෙන්වා ඔහුට බෙහෙත් කර  ඇස් පෙනීම ලබා දුන්නොත් ඒ පෙනීමත් සමගම ඔහුගේ වස්ත‍්‍රයේ නියම තතු පෙනෙන්නට වන්නේය. එවිට එම වස්ත‍්‍රය කෙරෙහිත් එය දුන් පුරුෂයා කෙරෙහිත් තිබූ ඡුන්ද රාගය පහවන්නේය. වස්ත‍්‍රය දුන් පුද්ගලයා සතුරෙකු ලෙසත් පෙනෙන්නේය. තමා මෙතෙක්  කල්  රවටන  ලදැයි වැටහෙන්නේය.
මෙසේ මේ කය ලෙඩක් ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස, දුකක් ලෙස යථා නුවණට   වැටහුණුදාට   පංච උපාදානස්කන්ධයෙහි යම් ඡන්ද රාගයක් වී නම් එය පහ වන්නේය. වේදනාවෙහි, සංඥාවෙහි, සංඛාරයෙහි, විඤ්ඤාණයෙහි යම් ඡන්ද රාගයක් වී නම් එය පහවන්නේය. ඒ ඡන්ද රාග නිරෝධය නිසා උපාදාන නිරෝධ වන්නේය. එවිට භව නිරෝධ වන්නේය. එවිට ජාති නිරෝධ වන්නේය. එයින් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස නිරෝධ වන්නේය. මෙයයි ආරෝග්‍යය, මෙයයි නිවන කියා තමාම දැන ගන්නේය.
මේ ඇසු මාගන්දි බමුණාට දහම් ඇස පහළ වුනා. සාසනයෙහි පැවිදි වී බ‍්‍රහ්ම චර්යාව පූර්ණ කර අරිහත්වයටත් පත්වුනා.
අද ඉන්න පින්වතුන් ද මේ දහම ආදර්ශයට ගනිත්වා!
තෙරුවන් සරණයි !

Thursday, August 3, 2017

අපේ කරාතේ ගම්මානය

















කරාතේ ගම්මානයේ කාල සටහන

සතියේ සෑම් දිනකම පෙරවරු 5 සිට 6 දකවා ශරීර සුවතා වියායාම සහා යෝග ආසන(වයස් කාන්ඩය අවුරුදු 5 සිට 80 දක්වා

සදුදා සහ බදාදා දිනයන්හි පස්වරු 3 සිට 5 දක්වා අවුරුදු සිට 16 දක්වා ක‍රාතේ පුහුනු වැඩසටහන

සිකුරාදා සහ ඉරිදා සවස 7 සිට 9 දක්වා වැඩිහිට් සහ තරුන පිරිස සදහා

බ්‍රහස්පතින්දා පෙරවරු 6 සිට 7 දක්වා මැදහීන්න විද්‍යාලයේ සිසුන් සදහා කරාතේ වැඩසටහන

‌wake up