Monday, July 17, 2017
ව්‍යායාම (Exercise)පිලිබද
ව්‍යායාම කිරීම ඇඟට හොඳයි කියා ඔබ නොයෙකුත් විටදී අසා ඇති. ඒත් දන්නවද ව්‍යායාම කිරීමෙන් ඇඟට නියම සුව ගතියකුත් දැනෙනවයි කියා? සමබර ව්‍යායාම වල යෙදීම මගින් සිරුරේ ශක්තිය ප්‍රශස්ත මට්ටමකට පත් කරමින්, mood එක නැත්නම් මනෝභාවය වැඩි කිරීමටත් හේතු වෙනවා.
ව්‍යායාම කිරීමෙන් ලැබෙන අනිකුත් ප්‍රතිලාභ,
* ව්‍යායාම සිරුරේ සෑම තැනකටම,(හිතත් ඇතුලුව ) ප්‍රයෝජනයක් සලස්වනවා. ව්‍යායාම නිසා ශරීරයේ නිපදවන Endorphins වැනි රසායනික ද්‍රව්‍ය කෙනෙකුගේ සතුටු සාමකාමී බව වැඩි කරවනවා, සුවසේ නිදා ගැනීමට සලස්වනවා. තමන් ගැන හීනමානයෙන් හා කනස්සල්ලෙන් සිටින පුද්ගලයන්ටද ව්‍යායාම උදව් වෙනවා, ස්වයං කෞශල්‍යය පිළිබඳ විශ්වාසයකුත් ඇති කරනවා.
* ව්‍යායාම ඔබව තවත් ලස්සන කරනවා. ඒ වැඩිපුර තියෙන ශක්තිය දහනය වී, පේශීන් වර්ධනය වී ශක්තිමත් බවක් පෙන්වීමෙන්.
* ව්‍යායාම තරබාරුවට නොවරදින බෙහෙතක්. ව්‍යායාම කොට බර නිසි අගයක පවත්වා ගැනීම දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී රෝග වැළඳීමෙන් ආරක්ෂා කරනව.
* වයසට ගිය විටත් සිරුර හොඳින් පවත්වා ගැනීමට දැන් ඔබ කරන ව්‍යායාම හේතු වෙනව. මේක දැන් එච්චර නොතේරුනත් විශ්වාස කරන්න, ඔබේ සිරුර ඒ කාලෙදී ඔබට ස්තුති කරාවි. ගැහැණුන්ට විශේෂයෙන් වයසට ගියාම හැදෙන්න පුලුවන් අස්ථි රෝග වලින් වැලකීමට තරුණ කාලයේදී අස්ථි වලට බර දරාසිටීමේ ව්‍යායාම කර තිබීම ඉතා වැදගත්.
Subscribe to:
Post Comments (Atom)
-
ඇතැම් විට හදිසි සටනක් මධ්‍යයේදී සටන්කරුවන්ගේ ජීවිතය තොරවීමෙන් පවා සටන කෙළවර විය හැකියි. එහෙත් සටන් කලාවන් (Martial arts) යනු කිසිවෙකුට රිද...
-
“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං” මේ තියෙන්නේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ උදාන වාක්‍යයක්. මෙය ඇසූ මාගන්දිය නම් බමුණා “භවත් ගෞතම...
No comments:
Post a Comment